මැණිකෙ ,
මේ බැඳීමකට එහා ගිය හැඟීම
ආදරේ දැයි නොවිමසාම
හැමදාම මග බලන ඇස්
මගේ....
සමීපව දැනෙනකොට
හංගාන එය හිත යට
සිනාසෙන ඇස්
නුඹේ....
ආදරේ යැයි කියන්නට
නිතර නිතර සිත්වෙන
අමනාප වෙත් දැයි බියෙන්
නොකියා නතර වෙන හිත
මගේ....
ඒ සෑම මොහොතකම
මගේ හිත කියවන
තත්පරෙන් තත්පරේ
මගෙ හිතට ලංවෙන හිත
නුඹේ....
මිතුරුදම පහු කරන්
නුඹ මගේ යැයි නොකියා කියන
නුඹෙත් මගෙත් ලොව තුළ
අපි හැමදාම අපේ.......
නෙත නෙත මගේ නුඹෙ බැල්මට බැලෙන නෙත
ReplyDeleteහිත හිත මගේ නුඹෙ හදවත සොයන හිත
නැත නැත තවම හැඟුමන් මගෙ කියා නැත
ඇත ඇත නුදුරෙ පෙම් මල් පිබිදෙනව ඇත...
ලස්සනයි ලොක්කියෙ.
උදාවීමට නියමිත 2018 ජයෙන් ජයමවේවා... ණෙලුම් යායක් පිපුනොත් දැක ගන්නට හැකිවේවා...
ජයවේවා!!!
😇ටැන්කුයි ටැන්කුයි...ලොකු උන්නැහේටත් මේ ලබන්න යන අවුරුද්ද ජීවිතේ හොඳම අවුරුද්ද වෙන්න කියල ප්රාර්ථනා කරනෝ...මේ පාර අනිවා නෙලුමෙදි හම්බෙමු....
Delete