හිත කැකෑරෙන ස්නේහයත් ,
ගත රිදුම් දෙන රුහිරයත් ,
උහුලාගෙන මහා ගොන්නක්....
දෛවයේ සරදමට
නැහැවෙමින් කඳුලින්
පණ ඇදපු
නැවුම් අරුමැති
අරලිය අත්තක් ;
ප්‍රසූත කළා
කාටත් රහසින්
මියෙන්නට මත්තෙන්
ඉවසිලිවන්ත පැතුමින්
අසම්මතයේ
සොඳුරු හුරු බුහුටි
මල් කිනිත්තක්.......
සුවඳ මල් කිනිත්තක්
ReplyDeleteවැදූ පසු අරලියා අත්තක්
සෝ සුසුම් සහ වේදනාවක්
ඉගිල යනු ඇත බෝ දුරක්
පිපෙන්නට දුන් පසු ඉඩක්
මව් තුරුවෙ නෑ ජීවයක්
මෙදැක අරලිය දරු මලක්
පිටකරයි සුසුමන් වැලක්......
ජයවේවා!!!
ලස්සනයි....විස්කෝතුයි ගොඩාක් කොමෙන්ටුවට...🙌
Deletethankzzz වේවා උඩුzzz...🙏
ReplyDeleteනියමයි...
ReplyDeleteවිස්කෝතුයි විස්කෝතුයි..welcome to da Lokka's Palpatha..😊
Deleteමල් වලට මක්කටෙයි නඟේ සම්මත අසම්මත මිම්මම්ක්,කොහොම වුනත් මල මලම විච්චකොට..... සුවඳ දැනෙන්න නහයක් තියනවනම් එච්චරයිනේ.
ReplyDeleteහා හා හරි හරි මේ ඔයා එන්න එපා නිකං අනං මනං කියාගෙන😂..හැක්...අනිවාර්‍යෙන් ඔයා කිව්ව දේ ඇත්ත GK..ඇත් දෙකම උස්සලා එකගයි...🙌
Delete