පෙර දිනේ
වැව් දියේ
නෙළුම් පොට්ටු
පිපෙනකන් රැක ඉඳන්..
පිපුණු නෙළුම් මල්
උදුරගෙන ගිය හැටි
Pool වල
දිය ජබුං ගසන උන්.
ගිය උන්ම ;
අද ඇවිත්
විරිත්තා වැව
දෙස බලන්...
සිනාසී ඔලොක්කුවට
බලියාන උන්ගෙ කට
දමයි කෝචොක්
"මේක නම් මහ මඩ වලක්"
දිය ජබුං ගසමින්
Pool වල නෑවාට,
වැවේ පිපි ඒ නෙළුම්
උදුරාන ඩැහැගෙන ගියාට,
නෙළුම පිපුණෙ හැමදාම
මඩ ජලය මත මිසක
Pool වල නොවන වග
උන් නොදනි එක් බිඳුවක්
ඒ නිසයි මෙතරම් බිරුමක්....
වැව දනී එය මැනවින්
එනිසයි නිහඬ තවමත්......
වැව් කුසේ බොර දිය ඉරන්
ReplyDeleteනෙළුම් තව තවත් පිපෙතැයි
උන්ගෙ දෙනෙතේ උකුසු බැල්මන්
වැව් දියේ රැළි අතර පිහිනයි
මලත් සිඳදා මුලත් උදුරා
නෙළුම වනසන්නට සිතූ මුත්
වැව් කුසේ දැඩි විරිය තවරා
නෙළුම පුබුදණු ඇත තවත්
කෘතිම පොකුණක ඔහේ පැද්දෙන
මල් දහස් ගණනක් දවා
වැවේ දඟ වී නෙළුම් හිනැහෙන
සුවඳ පැතිරෙයි ලොව නිවා.........
ජයවේවා!!!
bravo! අපූරුවට ගළපලා...😊
Deleteසිරා කතාවක් තියෙන කවියක්. එල..
ReplyDeleteගොඩක් ගොඩාක් තැන්කුයි...😊
Deleteමඩ දියේ සාරයෙන්
ReplyDeleteසැඩ සුළඟේ පන්නරෙන්
රුදු හිරුට හිනහිලා
බඹර විත ඉවසලා
දැක්කාද උඹ පිපුන
රතුම රතු නෙලුම් මල
😍අනේ ලස්සනා......යි jabbu
Deleteජබ්බු... ඒ මොකාද ඒ...?????
ReplyDeleteජබ්බට ජබ්බා නැතිව අහවල් එකක් කියන්ටද යකූ.....ජබ්බු = ජබ්බු නෙව..හැක්...මේ උන්දැ කවුද බොලේ?..😁
Delete