Monday, August 29, 2016

ඒකෙත් හැටි


පාළුම පාළු කතරක​
විඩාබරව​
දිය බිඳකුදු නැතිව​
ඔහු ගමනේ ය​...

එවිට පෑයු
ගණදුරු
මේඝ වලාව​
අන් කිසිවෙකු නොව​;
නුඹ ය​...

ගුගුරුවා අහස​
වැසි වස්වන බව​
හුදෙක් මවා පෑවේ
රැවටුවේ
අන් කිසිවෙකු නොව​;
නුඹම ය​...

පිපාසයෙන්
පණ අදින ඔහු
නොතකා , නපුරුව​
දිය පොදක් නොදී
අකුණු ගසමින්
මැකී ගියෙත්
අන් කිසිවෙකු නොව​;
නුඹම යි...

එහෙව් නුඹවම​
ඔහූ පැතූ අරුමය​
පුදුමයි..!                      

Tuesday, August 23, 2016

එන්නෙ නෑමයි

හිරු නොමැතිව​
මලක් නොපිපේ
ලොවම දන්නා
සත්‍යයකි එය​..

එසේ වූවත්
සුළං රැල්ලක්
ඇවිදින් ඇහුවොත්
"එනවද යන්න​?"

ලොවේ සුපිපුණ​
මල් දරන්නේ
නොයෙක් විදිහේ
අදහස් ය​...

බොහෝ මල්
කියන්නාහු ය​
"යමු යමු..අනේ යමු"

ඒ අතරිනුත්
එක් මලක් හෝ
වෙයි මෙසේ
පිළිතුරු දරන​..

"හිරුට පිටුපාන​
කිසිදු ගමනකට​
එන්නෙ නෑ මං
එන්නෙ නෑමයි"
                      

Friday, August 12, 2016

ටටා Bye



පෙර දවසක
උදෑසනක
පිණි ඉහිච්ච
සුවද පිරුණු

සුදුම සුදු
පුංචි මලක්
නෙලාගෙන මා
සක්මන් කළත්
පුද භූමියට....

මටත් නොදැනිම
හොරින් රහසින්ම
නොකියා නොදන්වාම​
ඩැහැගෙන ගොහින්
මගේ සුදු මල​
පුද බිමට ආ
තවත් එක් උපාසකයෙක්....

ඔහු නෙලා ගත් ලෙසට
මගෙ පුංචි සුදු මල
ඔහුගේ අත මතින්
සතපවන්නේ ය ඔහු
මල් අස්න මත
නංවමින් හඬ
සාධු සාධු සාධු......

නෙලුවාට මම මල
පුද දෙන්නා ඔහු විය​
කුසලයත් ඔහු නමටම විය​..
පුද දුන්නාට පසුව
අත ගස්වා ගෙන
අනුමෝදනයට
මසිත ඉඩ නොදේ..
සමාවන්න !!!
පෘථග්ජන සිත් ඇත්තෙමි..
එබැවින් ,
පන්සල් බිම අතැර යමි...





Thursday, July 28, 2016

Prince බක බක​



අනේ අපරාදේ
ඇයි දුන්නෙ
ආදරය පිරි
ලොකුම ලොකු හාදුවක්
කැතම කැත ගෙම්බෙක්ට?


රජ කුමාරයෙක්
වෙයි කියා හිතලයි
දුන්නෙ මම ඒ
ආලවන්ත හාදුව
සෙවල තඩි ගෙම්බාට.....

අනේ ගොම් වැස්සියේ
දුන්නාට හාදු
හැම ගෙම්බෙක් ම
වේවිද කුමාරයෙක්?

තොපිලා උම්බෑ
කියන තරමට
බක බක ගාන්නත්
ඉන්නට එපැයි
කස්ටියක්.........

Monday, July 25, 2016

කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා



කලි යුගය නම්
මෙයම වෙන්ටැ
අනුන් ගේ රෙදි
තමන් ගේ වැලෙහි වනන...


බුකියේ වැල් පුරාවට
දකින්නට බලන්නට
නොයෙක් පන්නයේ
විසූක දස්සන...

බුකිය මත
හොටු ලාටු උලමින්
හඬමින් වැලපෙමින්
පස්ට වීමට
ලයික් වැසි රිසිව.......

හොර සිතින් අරගෙන
අනුන් වෙහෙසව වියූ
නොයෙක් විසිතුරු රෙදි
වනයි උජාරුවෙන්
තමන් ගේ ලෙසට...

ඒ වෙනුවට
රටාවක් හොයන්
කලාවක් හොයන්
වියුවා නම්
තමන් ගේම කියා
රෙද්දක් හිතට එන
මරේ මරු
හොරා කනවාට වඩා
අනුන් ගේ රෙදි....

කුකවියෝ
වසති බුකියේ
නොයෙක් විසිතුරු
රෙදි වනමින්
අනුන් ගේ වුව කම් නැත
තමා ගේ වැල යයි සිතමින්...

හරිම ලස්සනයි බන්
උඹලා තමන් ගේ කියා
අලවාගෙන ලේබල්
වැනූ උඹලගෙ
වැල්වල තියෙන
සුදු රෙදි වලින්
බේ(රෙනවා) පින් පාට...


Sunday, July 3, 2016

පුස් නොවී Posh..

 
Posh වෙන්න​ මං සොයා
වන්නේ නැතුව පුස්
සිතුවිල්ලේ සියුම්කම හඳුනා
වන්න සිතුවිල්ලෙන් Posh....

තෙලුත් තිරයත් ඇති කල
දැ‍ල්වෙන පහන්සිල සේ
ළෙලෙන සිත මනරම් නම්
ලැබේවි පහන් ආලෝකයක්
ලොවක් කළඑළි කළ හැකි....

සුළගින් නොනිවෙන්නට​
ප්‍රබල විය යුතුය දැල්ල​
දැන් දැන් සුළග තදයි....
නොනිවී දැල්වෙන්නට​
සවිමත් ද තිරය​?
සෑහේ ද තෙල්?

නිවෙන්නට පෙර අඳුරට​
ආලෝකයක් දෙන්නට​
හැකිවේද ? නොහැකිද​?
Posh වෙන්න​
සිතිවිල්ලෙන්......    
        

Wednesday, June 22, 2016

සූකර​ රඟ

සරන්නේ  උන්
නැහැ පුඩු උස්ස උස්සා
නොඉවසිල්ලෙන්
සොයමින්, ඉව කරමින්...
තලු මරමින්
රස කරමින්
බුදින්නට
අනුන්ගේ කුණු.... ​
අනේද කියන්නෙ...                      feeling sarcastic 😜 



Monday, June 13, 2016

කාලය​, මේ උඹේ කාලය​....

දිරාගිය සිරුරක​
වියපත් නොවූ ස්නේහයක් ,
අපරිමිත අසීමාන්තික ස්නේහයක් ,
තවම ඇත ශේෂව​.....

ගිලී ගිය දෙනෙත් තුල​
දිලී බැබළෙන ස්නේහයක් ,
තාරකා පරයා දිලෙන ස්නේහයක් ,
තවම ඇත ; එපරිද්දෙන්ම ශේෂව​....

"එම්බල කාලය​!"
ද්‍රෝහි වුනේ උඹ මට කෝම​?
කිව්වේම හැමෝම​
ඉඩදෙන්න උඹට​...
විශ්වාස කරපු ගොනා මං
ඉඩදී හිටියේ ඔහේ ඇන තියන් ,
මාන්නෙත් කර තියන්.....

පැවසුවේම ඒ අය​
විසඳාවි කියා උඹ ප්‍රශ්න​...
විශ්වාස කරපු ගොනා මං
බලාන හිටියේ මේවා විසඳෙනකන් ,
උඹ ගානට විසඳනකන්.....

ගිවිසගත්තු විදිහටම​
විසඳුවානම් උඹ ප්‍රශ්න​
ඇයි අදටත් අරවා අරම ශේෂව​???
"ද්‍රෝහියෝ!!!"
මං ගෙව්වා හොඳටෝම​ ඇති ,
දැන් උඹ ගෙවහන්
උම්බෑ  උම්බෑ  උම්බෑ.....