Thursday, March 3, 2016

එතකොට එදාට​?

තියෙනවා මට 
ලොකුම ලොකු
ලොකූ......ම ලොකු
ඉල්ලුමක්.........
වටිනවා මම​
ගොඩම ගොඩම
ගොඩ.......ම ගොඩාක්......


කාලෙකට කස්ටිය
දෙනවලු ෆුල් ගේමක්
හොයාගන්න
මං වගේ කෙනෙක්.......


ඒකට හේතුව​???
රාහු.................


රාහුට පිංසිද්ධ වෙන්නලු
වටින්නේ මාව​
ෂුවර්මත් නෑ........
ඒත් කියනවා ඇහෙනවා
එහෙම හැමෝම​
විශ්වාස කරනවා
මාත් ඉතින්
ඒ අය මලසුනේ
මටත් ඉඩ දෙන නිසා.........


බැලුවම හරිනෙ කතාව​
නෙළුම් වගේ නෙවෙයිනෙ
අපල දුරු කරනවනෙ මං
බැලුවෙ මම කවුරු කියලද​?
කියන්නත් බැරිවුණා
මම වැටකෙයියා මල​.........

දැනට නම් වටිනවා
"ඉස්සරහටත් එහෙම වෙයි"
කියල හිතනවා
ඒත්
රාහු නැතිවුන දවසට​?
එතකොට එදාට​???


නිවාඩු පාඩුවේ
පරවෙන්න කලින්
කොහොමහරි
හිතල කියන්නම්
බැරිම උනොත්
ගොතල හරි කියන්නම්

ඒක එදාටනේ.......

23 comments:

  1. හොදායි..
    නංගියාට හොද අදහස් තියනවනෙ.. ;)

    ReplyDelete
    Replies
    1. ඇයි මට විතරක්...අපේ ලයියා පුතාටත් හොඳ අදහස් තියෙන්නෙ බොලේ....තැන්කෝ තැන්කෝ ආ...

      Delete
    2. මටත් තියනවද? :3

      Delete
  2. මට උඹගැන ඊරිසියයි.ඒ උඹ හිතන විදිහට හිතන්න මට බැරිනිසා.ඒ වුනාට ඊරිසියත් නෑ.ඒ විදිහට හිතන එකෙක් හරි ඉන්නවාකියලා දන්න නිසා.දවස් 3-4ට හිත කුලියට දෙන්න බැරිද මට?.....

    බයවෙන්න එපා.හැම දේකටම වටිනාකමක් තියනවා.ඒ කැමතිවුනත් නැතත් අපි ඔක්කොම විකිනෙන හින්දා.
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. බුල්ටෝ එකක් වත් අරන් දුන්නොත් සලකලා බලනව මම අර කුලියට දෙන වැඩේ....කටුසු හිතට හිතෙන එව්ව කොමෙන්ටු වලට පෙරලල අපිට ලොකු කික් එකක් දෙන්න තරම් නිහතමානි වෙන එකට හැමදාමත් වගේ බෝම බෝමත්ම ස්තූතියි.......26 වෙනිදට කටුසු මූණ බලන්න එන්න හිතාන තමා ඉන්නේ....එතකොට බැරියැ ගනුදෙනු පියව ගන්න​....එදාට දෙන අත්පුඩි වලට ගාස්තු අය කරනවා ඈ...

      Delete
    2. හප්පේ බලාගෙන............... ඔයින් ගිහිල්ලා කොහෙන් කෙලවර වෙයිද මන්දා

      Delete
    3. හිකිස්.....ඔය උන්දැටත් එක්කම තමා කීවේ....අත්පුඩි වලට ගාස්තු අය කරනු ලැබේ ආ...

      Delete
  3. ලස්සනයි බොස් නගා,අපුරු අදහසහක්නේ මටත් ඔන්න දැන් ටිකක් ඊරිසියයි වගේ ඉතිං,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. හැක්...තැන්කෝ වේවා රස්ති මහත්තයා.....අනේ ඔය උන්දැගෙ ඊරිසියාව​....!!!

      Delete
  4. හරිම ලස්සම්නයි නන්ගියේ.... අපිට දවසම කල්පනා කලත් මේවා හිතට එන්නේ නෑ.. ගොඩක් හිත සැහැල්ලු අයට මේ වගේ ලස්සන අදහස් පහල වෙනවා කියලා මන් අහලා තියෙනවා.
    මේ කාලේ මේවට හිත යොදවන එක පොඩ්ඩක් අඩු කරලා පාඩම් වැඩ වලට හිත යොමු කොලොත් හොදයිනේ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්...එහෙමයි එහෙමයි රජතුමනි !!! කොමෙන්ටුවේ ආනුභාව බලෙයෙන් පස්වා..න් දහසකට බුදු වන්න දේවයන් වහන්ස​....ජයෙන් ජය !

      Delete
  5. එහෙම තමා බොල...... අපිට ම කියලා පොරත්වයක් තියෙන්න එපැයි..... රාහු නැති වෙන එකක් නැහැ... ගැට්ටෙන් හිටහං...

    ReplyDelete
    Replies
    1. අන්න ටෝක් එක​..කුරුටුම එන්න ඕන අපිට ඉතින් ඔහොම එකක් වත් කියල දෙන්න​...තැන්කෝ කුරුටු...

      Delete
  6. මරු අදහස බොස්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තැන්කෝ වේවා !!!

      Delete
  7. හැක හැක හැක...

    ReplyDelete
    Replies
    1. හැක හැක නෙවෙයි කුකුල් තඩියෝ...කුක්කු කූක් කූක්....හික් හික් හික්..තැන්කෝ කොකෝ !!

      Delete
  8. හැක්.....වැටකෙයිය දැක්කොත් ආඩම්බර හිතෙයි ඈ.......රොස,පිච්ච වලට විතරක් නෙවේ එහෙනන් කවි ලියවෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඒකනේ රසික උන්නැහේ.....පැල්පතට වෙල්කම් කිව්ව ඕං....

      Delete
  9. වැටකේ පිපුණම මාර ගති. මෙහෙ ඒ තරං පිපෙන්නෙ නෑ හෙන දුර්ලභයි බං..

    වැටකේ යකාට

    කවිය නං ගතිම ගති.. ඒත් කවියෙං පොඩ්ඩක් පිට පයින පොඩි පහේ ආඛ්‍යානමය ගතියක් තියෙයි
    දිගටම ලියහං එතකොට ඔය අවුල් හැදෙයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බෝමැ තැන්කෝ වේවා අවන්හලේ මහත්තයා කොමෙන්ටුවට​....අනිවාර්‍යෙන් තියෙන අඤ්ඤකොරොස් තැන් ටික හදාගන්න full try කරන්නම්කෝ.....ජය වේවා !!

      Delete