Sunday, May 8, 2016

කැකුළිගෙ පොජ්ජ​ 36+

ඔන්න ඉතින් ඉඳල ඉඳල මටත් හිතුනා 18+ කතාවක් කියන්න​...අවුලක් නෑනෙ...මටත් 18යි බොල තව ටික දොහකින්..ඔන්න ඒ නිසා ආවඩා ආයුබෝ කියලා දිග අරිනවා 18+ කතාවක්....සමහර විට ඉතින් කියවද්දි හිතෙන්න පුළුවන් අඩේ මේක​ 36+ ද මන්ද කියල​..හැක්..ඒක ඉතින් බොලාලම තීරණය කොරහල්ලා.. දවසක් කැලේ දඩයමේ ගිය මිනිහෙකුට ආපහු ගෙදර එන ගමනෙදි පාර වැරදුණා ලු.. පාර හොයා ගන්න බැරිව ඉතින් ඒ පැත්තට මේ පැත්තට ගාට ගාට හිටපු මේ මිනිහට කැලේ දරට යන ගමන් හිටපු ලස්සන වැදි ගෝමරියෙක් මුලිච්චි උනාලු....




කෙලීගෙ ලස්සනට හඳුන් පොජ්ජ කීං ගෑවත් කැලෙන් එළියට යන එක මිනිහගෙ ලොකුම උවමනාව උනා.....ඔන්න ඉතින් වැදි කෙලීව බය කරවලා හරි පාර අහගන්න හිතපු මේ මිනිහා , ඒ කැකුලිට තුවක්කුව දික් කොරලා "අඩෝ කැකුළි, මට මේ කැලෙන් එළියට යන පාර කියාපිය හොඳ හිතින්....නැත්නම් තෝව දූෂණය කොරලයි පස්ස බලන්නෙ" කියලා part එකක් දැම්මා...




ඇඹරි ඇඹරි හිටපු මේ කෙලී අන්තිමේදි තටමලා තටමලා මෙහෙම උත්තර දුන්න .."පාර කියන්නෙම නෑ.."                                                                                                                                                                                                                                                                                                                                             දැන් ඉතින් ඔන්න බඩු බනිස් ලු...කොහෙත්ම හිතපු නැති දෙයක් ලු වැදි නංගියා කිව්වෙ...මිනිහට ගියෙ මාරම චූන් එකක්ලු....නංගි පාර කිව්වෙම නෑනෙ....කොහොමෙන් කොහොමෙන් හරි ඉතින් මේ දඩයක්කාරයත් තක්බීර් උනාලු මේ කැකුලිගෙ කතාවට​...ඊළගට තමයි story එකේ හොඳම හරිය​... එක පා....රටම දඩයක්කාරයාට තිබ්බ ජොලියට​ අර දමිත් අසංකගෙ සිංදු කෑල්ලක් කියවුනා ලු..."පායන සඳේ සීතල රැයේ , පෝය වගේ හිනැහෙන්නේ....දින් තන නන දින් තන නන දින්ත නනා නා...හෝ හෝ හෝ හෝ හෝ යා...."                                                                                                                                         ඊට පස්සෙ ඉතින් මොනවා වෙන්න ඇද්ද නෙහ්?මෙතනින් එහාට කතාව ලොකුම​ ළමයින්ට විතරයි හොඳේ......36+...(හික්z..කොහොමත් නාකි මිනිස්සු නිසා ඉතින් අවුලකුත් නෑ.).හැබැයි කියවල අනං මනං talks දෙන්න නම් එපා පොඩි කමට ජරා කතා ලියනවා කියලා...ඔන්න එහෙනම් එක උනේ මෙන්න මෙහෙමයි...... සිංදුව කියාගෙන හෙමින් හෙමින් දඩයක්කාරයා කෙලි පැටික්කි ලගට ගෑටුවලු..ඔන්න ඉතින් ගෑවෙන්න නොගෑවෙන්නම ලගටම ගියාලු...ඊට පස්සේ වුනු ටික කියන්නයි මේ යන්නෙ...ඔන්න ඊට කලින් ආයෙත් මං මෙහෙම කියන්නම්.....මේ ටික අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඕං.....හා හා මෙන්න අහගන්නකො...                                                                                                                                                                                                                                                                                                                                            ඔන්න ඉතින් දඩයක්කාරයා එයාගෙ හුස්ම අර වැදි පැටික්කිට දැනෙන තරම් ලං වෙලා මෙන්න මෙහෙම බඹරෙක් වගේ මුමුණනවලු..වැදී කෙලී රතූ....වෙලාලු...ලැජ්ජවට එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ගස්ස ගස්ස පද්ද පද්ද ඉන්නවලු.මිනිහටත් දැන් ඉතින් මේක තවත් හිර කරන් ඉන්නම බැරිලු..අහන්නම ඕනලු (හික්z...feelings control කර ගෙන ඊළග ටික කියෙව්වනම් ඇගට ගුණයි ආ...ආයෙ නොකීවැයි කියන්න එපා..හරිය​?)                                                                                                                                                                                                                                                                                                                                                   "නංගි, මං මෙහෙම ඇහුවට ඔයා මුකුත් හිතන්න එපා....මට මේක හංගගෙන ඉන්න තවත් හිත දෙන්නෙ නෑ..අපි මොකටද නිකන් අපේ හිතේ තියෙන දේවල් හංග ගෙන ඉන්නෙ නෙහ්?මෙහෙමයි නංගි...අනේ වැරදියට නම් හිතන්න එපා....මගේ හිතේ මේක තවත් හිර කරගෙන ඉන්න මට බෑ....මට තේරෙන්නෙ නෑ ඔයාගෙන් මේක කොහොම අහන්නද කියලා...ඒත් මේ අවස්ථාව මග හැරුනොත් අපරාදේ....මම කැමතියි ඒ නිසා මේ දේ අහන්න​...ඔයා කොහොම මං ගැන හිතාවිද දන්නෙ නෑ...ඒත් මම කොල්ලෙක් නෙහ් නංගියා...ඉතින් ටිකක් තේරුම් ගන්න​...මගෙ කොලු කමට මං මෙහෙම අහනවා කියල හිතන්නකො...ඔන්න ඉතින් මටත් මොකක්ද මොකක්ද වගේ ...ඒත් තවත් නම් ඉවසන්න බෑ...අනේ නංගියෝ...බෑ කියන්න නම් එපා....මේ අහන්නකො...මං හරි ආසයි ඔයාගෙ එක දේකට​...ලැජ්ජ වෙන්නෙ නෑ මං මේක අහන්න ඔයාගෙන්....මං හිතනවා ඔයා මාව තේරුම් ගනීවි කියලා....නංගියා...ඒ දේ ට මං වශී වෙලා ඉන්නෙ...මං තව ඕවා දැකල තියෙනවා...ඒත් හිත ඇදිල ගියෙ ඔයාගෙ එකට විතරයි....මට කියන්නකො....ඔයා ගෙ ඒ දේ ලස්සන වෙන්න රහස මොකක්ද නංගියා....අනේ...මට රහසින් ලංවෙලා කියන්න​...ඔයාගෙ ලස්සනම ලස්සනම ලස්සන ලස්සනම ලස්සන දේ ගැන​......මට තවත් නම් මේක අහන්නෙ නැතිව ඉන්න බෑ නංගියා....ඔයා මට පාර නොකිව්වත් කමක් නෑ...කරුණාකරලා මට මේ දේ විතරක් කියන්නකො  ලං වෙලා...ඔයාගෙ ඔය සුදුම සුදු , දැක්කම හිත ගැස්සිලා යන , ලස්සන කිරි පාටට තියෙන​..ඔය දත් සෙට් එක ඔයා මදින්නෙ පොල් මුඩ්ඩකින් ද​????" හැක්...උඹලටත් ලැජ්ජ නෑ නෙ ගොයියො..දොඩම් ගෙඩි 2ක් තරම් වත් උස නෑ....පල පල​..තව ලොකු වෙලා වර​..ආවා මෙතන 18+ කියවලා ආතල් ගන්න​​..ගිහින් වැඩක් බලා ගනිල්ලා බන්...මං මේ කියන්න දෙයක් නැතිවට කිව්වේ..මං දන්න 18+ එකක් නෑ බොල​....ඔන්න​ කියවන්න මොනවමහරි දෙයක් ලියලත් අනං මනං දාර්ශනික talks  දීගෙන ආවොත් ඉතින් කොටනවා දෙබෑ වෙන්න​...හික්z....ඔරව ඔරව යන්න එපා ඉතින්...මොනවමහරි ලිව්වනෙ ඔය පොජ්ජවල් කීං ගාන්න. හැක්

24 comments:

  1. අම්මේ .........පොඩි එකි.....තෝනන් කුරුනෑගල පැත්තෙ එන්ඩ එපා......පොඩිකමටද වැඩ....ඕවට කොහෙද යකෝ තෙත් වෙන්නෙ......හැක් හැක්.....බොට තෙත්වෙන කතා ඕනෙනන් කියපිය මේල්ලුවක් දාන්නන්...

    ReplyDelete
    Replies
    1. හික් හික්.....එහෙමද​? ...හා හා....රසික තුමෝ....තෝ වහා නික්ම ගොස් exam පොජ්ජ සඳහා සූදානම් වෙහි...

      Delete
  2. උඹ හොඳටම නරක්වෙලා බං....උඹත් එක්ක පැනලාගියාට පස්සේ මාත් නරක්වෙයිද මන්දා. අහිංසක මම.....

    ReplyDelete
    Replies
    1. හික්z..පිස්සුද ඒයි...මං ඔයාට එහෙම නරක් වෙන්න දෙනවද කටුසු හාමියෝ?

      Delete
  3. අන්තිම ටික කියෙව්වේ නෑ හරිය...... අපි එච්චර වයස නැහැනේ..... හැක්

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි?? හැක්.....හා හා ඉතින්....මුල ටිකත් හෙන ගේමක් දීලා කියවන්න ඇති...තාම සූටි පැටව්නෙ...හික්z...තැන්කෝ කුරුටුzz

      Delete
  4. හරිම ලොල් සහගතයි.. :-P

    ReplyDelete
    Replies
    1. හික්z...ලොල් සහගත නම් ලොලේ ලොල්...

      Delete
  5. හෆූ මහලොකු කතාව...

    ඔන්න දවසක් යෂ්‍යන්ත ශ්‍රීනාත් කියල කොල්ලෙක්ට විරුද්ධව ගංසභා උසාවියෙ නඩුවක් දාල කෙල්ලෙක්, එයාගෙ බයිසිකලේ පැහැරගත්ත කියල.

    නඩුව කතා කරපු වෙලේ, කොල්ල දීපු කටඋත්තරේ...

    “මං ඔය කියන දවසෙ කැළැවක් මැදිං වැටිච්ච දෙවට පාරක් දිගේ යනව. අනික් පැත්තෙං බයිසිකලෙත් පැදගෙන ඔය කෙල්ල ආව. මං ගාවට ආවට පස්සෙ එයා බයිසිකලෙං බැහැල, මාවත් එක්කගෙන කැළෑව ඇතුලට ගියා. ටිකක ඉඩ තියෙන, හතරවටෙම්ම ආවරණය වෙච්ච තැනකට ආවට පස්සෙ කෙල්ල එයාගෙ ඇඳුං එක එක ගළවන්න ගත්ත. ඔක්කොම ගළවල පැත්තකිං තියල එයා මට කියනව, “දැං ඉතිං ඔයා මගෙං ඕනෙම දෙයක් ගන්ඩ“ කියල...“

    උසාවිය හා හූම් නැතුව අහගෙන ඉන්නව. වයසක නඩුකාරය තමා ඔක්කොටම හපං. ඕ අකුරෙ හැඩේට ඇරිච්ච කට දෙපැත්තෙං කෙළත් බේරෙනව...

    “ඉතිං මං කල්පනා කළා. මෙයාගෙ බ්ලවුස් එක මට අඳින්ඩ බෑ. බ්‍රා එකත් මට වැඩක් නෑ. එයාගෙ ෂෝට මට කොටයි - පොඩියි. පෑන්ටියත් මට වැඩක් නෑ. මට වැඩකට ඇති එකම දේ එයාගෙ බයිසිකලේ විතරයි. ඉතිං මං ඒකත් අරං ආව එන්ඩ...“

    ReplyDelete
    Replies
    1. නව් දැට්ස් අ රියල් ජෝක්
      හැක් හැක්...
      හපොයි කැමා හිහි

      Delete
    2. අම්මද බොල​...මේ තියෙන්නෙ නියම 18+....ඩ්‍රැකී මහත්තයම එන්න ඕන ඉතින් ඔහොම hot & sexy story එකක් අහන්න​..හැක්

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අද රෑට තමයි 18 ප්ලස් වෙන්නේ, එතකන් ඉවසලා ඉන්නවා.

      Delete
    2. ඈ....ඒකත් එහෙමද​...අනේ මන්දා....හික්....anyways තැන්කෝ කොමෙන්ටුවට​ හොඳේ

      Delete
  7. හයියූ දරුවෝ මී විදියට රවට්ටනවට අපේ බලවත් මෙව්වා එක, ගණන් උස්සල උස්සල පොල්මුද්දක් ගැන ක්ව්වම හරිද? හැක් මන් හිතුවේ මේකා තටමල තටමල ආයි යන පාර අහයි කියල.

    ReplyDelete
    Replies
    1. හික්...මල් වගේ පුංචි හිත් රැවැට්ටුවට මගෙත් මෙව්වා එක ඕං...ඒකනේ අනේ..තටමලා තටමලා ඒ මිනිහා අහපු දේට මං පලිද බොල​..ඒ උන්දැනෙ ඇහුවෙ..හික්z

      Delete
  8. මොකක්ද බං මේ?? ඕන්න අහගනින්.
    දවසක් ම්ම් ඔව්.. අපේ කටුස්ස කාන්තාරේ මැද්දෙන් ඔටුවෙකුගේ පිටේ ගමනක් යනවලු. මුගෙ තියන කුපාඩිකම කියන්නෙ මූට ඒ ගිනි කාන්තාරේ මැද්දෙදි අහවල් වැඩේ කොරන්න හිතක් පහල උනාලු. හිතක් පහල උනාට කෝ ඉතිං ඒකට එකියක් නෑ නෙ. ඔන්නොහෙ කමක් නෑ කියල හිතල ඔටුවගෙන් වත් ඒ වැඩේ කොරගන්නවා කියල හිතල (ඒ තරමට මෝල් කලන්තෙ) බැස්සලු ඔටුවගේ පිටෙන්. ඔටුවා උසයි නේ. දැන් මූ ඔටුවගේ නාස් ලණුවෙන් අල්ලලා ඔටුවා ඉන්දවල පිටිපස්ස පැත්තට යනකොටම ඔටුව ආපිට නැගිටිනවලු. ආයෙත් ඇවිත් නාස් ලණුවෙන් ඇදල වාඩි කරලා පස්සෙන් යනකොට ආයෙත් ඌ හිටගන්නවලු. ඔහොම ඉවරයක් නැතුව ඒ වැඩේ කරකර ඉන්න අතරෙ එකපාරටම වැලි කන්දක් උඩින් කෙල්ලෙක් කෑගහගෙන දුවගෙන එනවලු. ඒ පිටිපස්සෙන් අරාබිකාරයෝ රංචුවක් පන්නගෙන එනවලු. කටුස්සත් ඉතිං වීර චරිතෙනේ. මූ පටගාල අර අරාබි කාරයෝ ටිකට ගහල ඒ කෙලීව බෙරගත්තලු . අප්‍රමාණ සංතෝසෙට පත්වෙච්ච ඒ කෙල්ල කිව්වලු "අයියා... ඔයා මේ කරපු උදව්වට මම ඔයාට සදා ණයගැතියි, ඔයාට ඕන උදව්වක් ඕනෙම දෙයක් ඉල්ලන්න, මම එක කරන්නම්" කියල. කටුස්ස එකපාරටම පැනපු ගමන් කිව්වලු "නංගි, පොඩ්ඩක් මේ මගේ ඔටුවගෙ නාස් ලනුව පාත් කරල අල්ලන් ඉන්නවද..." කියල..

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක් කිව්වලු...කොළ බොක්ක ඉදිමෙනකන් මේවට හිනා වෙලා හැදෙන බඩේ රුදාවලට බෙහෙත් හොයන්න ගියාම තමයි ඉතින් අපි අසරණ වෙන්නෙ...

      Delete
    2. අඩේ....මම මේක දැක්කේ දැන්නේ.....එදා මම නෙමෙයි ඔටුවා පිටේ ගියේ.කමියා ගියේ

      Delete
  9. පොඩි කමට මේකිත් ලියන කථා ...හිටු තාත්තට කියන්නම්...

    ReplyDelete
  10. අනෙ මගෙ අප්පොච්චියේ...තාත්තට නම් කියන්න එපෝ...හැක්...කියෙව්ව තාත්තටත් හිනා ලු ඉතින්

    ReplyDelete
  11. මේ එදා තාත්ත එක්ක ලජ්ජාවෙන් වගේ අපු කෙලී නේද. හිටුකෝ තාත්තට කියන්න. ලියන දේවල්.
    එකේ නෙමේ මේ අපේ කටුස්සා ඔයාගේ සින්දුව උදේ හව ගෙනේ ඉනන්වලු. මටත් කිව්වා. මාත් ඔන්න ෆේස්බුක් එකෙත් ෂෙයාර් කල. සුපිරි කටහඬ පොඩි එකෝ. සුභ අනාගතයක්.
    https://www.youtube.com/watch?v=KaUQylpoDJY

    ReplyDelete
    Replies
    1. අනේ බුදු සර්...තාත්තට නම් කියන්න එපෝ....හැක්..අනේ බෝමත්ම ස්තූතියි සර්...කටුසු හදවතේ තියෙන හොඳකම තමයි සර්..එහෙම නොවෙන්න සර්ලට දැනගන්න ලැබෙන එකකුත් නෑ...සර් වගේ මනුස්සයෙක්ගෙන් මෙහෙම වචන ටිකක් අහගන්න ලැබුනු එකේ සතුට දන්නෙ ඒක ලැබුණු කෙනාම තමයි සර්...මාරම happy මට...​

      Delete
  12. මට මේ බ්ලොග් එක මග ඇරිලා

    ReplyDelete