Sunday, July 3, 2016

පුස් නොවී Posh..

 
Posh වෙන්න​ මං සොයා
වන්නේ නැතුව පුස්
සිතුවිල්ලේ සියුම්කම හඳුනා
වන්න සිතුවිල්ලෙන් Posh....

තෙලුත් තිරයත් ඇති කල
දැ‍ල්වෙන පහන්සිල සේ
ළෙලෙන සිත මනරම් නම්
ලැබේවි පහන් ආලෝකයක්
ලොවක් කළඑළි කළ හැකි....

සුළගින් නොනිවෙන්නට​
ප්‍රබල විය යුතුය දැල්ල​
දැන් දැන් සුළග තදයි....
නොනිවී දැල්වෙන්නට​
සවිමත් ද තිරය​?
සෑහේ ද තෙල්?

නිවෙන්නට පෙර අඳුරට​
ආලෝකයක් දෙන්නට​
හැකිවේද ? නොහැකිද​?
Posh වෙන්න​
සිතිවිල්ලෙන්......    
        

9 comments:

  1. හයි ලොක්කා ...

    ReplyDelete
  2. //නොනිවී දැල්වෙන්නට​
    සවිමත් ද තිරය​?
    සෑහේ ද තෙල්?//

    වාව්..මරු කෙල්ලෙ.....අයි මිස් යූ බේබි..

    ReplyDelete
    Replies
    1. ඕ යෙහ්...මිස් යූව් ටූව් ලොකු තාත්තෙ....මං තොට කීවා කියලා හිතා ගනින් bettz....හැක්

      Delete
  3. Replies
    1. හැක්....එකක් ගලවන් ඇද ගන්ටකෝ සජ්ජයියේ...

      Delete
    2. ඒක තමා දැන් කොරන්ඩ වෙලා තියෙන්නෙ

      Delete
  4. සවිමත්ද තිරය
    සෑහෙයිද තෙල්?????

    ඔය විදිහටම හිටපිය....ඔය විදිහ හොදා...

    ReplyDelete
    Replies
    1. එසේය එසේය ස්වාමීනි...hikz...අනිවාර්‍යෙන්ම​....

      Delete