Monday, September 12, 2016

මට්ටුව​

කියාගන්න බැරි
ගොඩක් දේවල්
මලු බැඳන්
ඉන්න හැටි
මගෙ හිත​...

ඒ එක එක​
ලිහා බලන්න​
අත තිබ්බත්
පපුවට​...

හැමදාම දැණුනු
ලබ්ඩබ් හ​ඬ
විතරමයි
ඇහෙන්නේ....
දැනෙන්නේ.....

මේක නම්
වෙන්න බෑ.....
විශ්වාසත් නෑ...

හිටු ටිකක් මං
රැගෙන එමි
හොඳ කැපෙන පිහියක්...

රැගෙන විත්
හද​ පලමි
සැක දුරු කරනු වස්...

හිත !
ඔන්න උඹ මාට්ටු
එතකොට මම​??
                               

4 comments:

  1. ලබ් ඩබ් ලබ් ඩබ්
    ලබ් ඩබ් ලබ් ඩබ්

    කොහොම ඇහුවත්
    කොහොම බැලුවත්

    මගේ රහස් මලු
    විවර නොකරමි නුඹට

    මා කපා සිදුවත්
    ඒ රහස් රහස්මැයි

    කියනු මැන ඉතින්
    නුඹට සතුටුද දැන්......

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. හික්...සතුටු නැතිව තියෙයිද මෙහෙව් පිළිතුරු කවි කොටලා යනකොට​?

      Delete
  2. එය එසේමමැයි නොවේද
    ජයවේවා

    ReplyDelete
  3. අන්න ඒකනේ....ජයෙන් ජය​ !

    ReplyDelete