Tuesday, September 13, 2016

පැන්සල් කොටේ

අනිත් එවුන්ව​
උගතුන් කරන්න
කඹුරලා කඹුරලා
ගෙවිච්ච මට​
අන්තිමේදී
ඉතුරු උනේ

උන් මහත්තුරු වෙන්න​
තටමපු තැටමිල්ලෙදි
ඇඟිලි අස්සෙ
හිර කොරගෙන​
විකපු මගේ
පස්ස ගාතෙ
ශේෂ උනු
දත් පාරවල් විතරයි...


10 comments:

  1. දැනෙනවද නුඹට
    ඒ සුන්දර අතීතය
    අතැගිලිවලින් පිරිමැද
    නුඹව සැනසූ නිම් නැතිව
    තොල් පෙති අතර මගේ
    සිරවී කෙදිරුව අපූරුව
    ඒ සතුට ඒ සැපය
    මා නැති දිනයකදි
    මෙනෙහිකර නිබදවම
    ලබන්නට වින්දනය
    ඒ නිසයි තැබුවෙ නුඹේ
    පස්ස පැත්තට දත්පාර.....

    ජයවේවා!!!






    දැනෙනවද නුඹට
    ඒ සුන්දර අතීතය
    අතැගිලිවලින් පිරිමැද
    නුඹව සැනසූ නිම් නැතිව
    තොල් පෙති අතර මගේ
    සිරවී කෙදිරුව අපූරුව
    ඒ සතුට ඒ සැපය
    මා නැති දිනයකදි
    මෙනෙහිකර නිබදවම
    ලබන්නට වින්දනය
    ඒ නිසයි තැබුවෙ නුඹේ
    පස්ස පැත්තට දත්පාර.....

    ජයවේවා!!!






    ReplyDelete
    Replies
    1. ඔහෙ පලයන්....එළ​+කිරි...

      Delete
  2. මට පෙන්නන්න බෑ ඔය පැන්සල්, පෑන් කටේ ගහන එක.මල ජරාව....

    මොනව උනත් පවු , පැන්සල.

    ReplyDelete
  3. Replies
    1. ආ ඒකනෙ ඇත්ත නේන්නම්..තැන්කුයි

      Delete