Thursday, October 20, 2016

මකනයක කව

ඔබ ලියූ ඒ
සන්තාපයේ අකුරු පෙළ
මකා දැමුවා මං
දිරිදෙමින් ඔබ හට​
ලියන්නට අලුතින්
ඔබගේම තෙලිතුඩෙන්
ස්නේහයේ පද වැල ...

ලියා අවසන කළුව
ක්‍ෂය ව ගෙවී
පැත්තකට විසිව යන​
මකන කැබැල්ලක් වුව මා
කැපවුනේ වැයවුනේ
ඔබ නමින් වන නිසා
නැත කිසි දිනක දුක මට​....

10 comments:

  1. දිරි දෙමින්
    මා ළඟින්
    රැඳී උන්
    නුඹ නමින්

    ලියමි දැන්
    කවි දැහැන්
    දුක දරන්
    පන්හිඳෙන්

    නුඹට වන්
    සිත් පහන්
    නැති කමින්
    මම හොරෙන්

    නෙත් අගින්
    හඬමි දැන්
    මතකයන්
    ඇවිළෙමින්........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපූරුයි ඇත්තෙන්ම​...මරු....තැන්කෝ වේවා අනේ!😉

      Delete
  2. ලියන්නට වෙහෙසවුන
    මහා කව ඇරඹුමෙදිම
    පළමු අකුරම මකා
    කවිය නොදකින ලෙසට
    කවියා ගොළු කරපු නුඹ
    දැන් කුමට හෙලනවද
    කිඹුල් කඳුලැලි බිමට

    එල ඈ.....

    ReplyDelete
    Replies
    1. ඩෝන්...දඩ බඩා...න්...ඩිං....ඔලුව පැලුනලු හොඳේ..හැක්...😀

      Delete
  3. ලස්සනයි ලොක්කෝ............

    ReplyDelete
    Replies
    1. අනේ තැන්කෝ mah dearest කුරුටූzz.....😇

      Delete
  4. අනුන්ව මකන කෙනෙක්ට තමන් මැකෙන්න වෙනව

    ReplyDelete
    Replies
    1. 😇උඩු මහත්තයා කාලෙකින් මේ පැත්තෙ...

      Delete
  5. Replies
    1. බෝම බෝම බෝමත්ම තැන්කුයි ලු..😊

      Delete