Saturday, December 3, 2016

පව් දෙයියනේ !

කවුළුව
බලා හිඳී
විවරව​...
පායන තුරු
සුපුන් සඳ​
නුබ ගැබ​.....


එහෙත්
වෙනදාට
පායන සඳට
අද දින
කරුමෙට වගේ
හදිසි නිවාඩුව​....


දින අද​
අමාවක
කියා යන්නට​
හඳට ඊයේ
අමතක​
වී ඇත....


ඒ නිසා
කවුළුව​
අදත්
මග බලාන​
ඉන්න හැටි...
රෑ ජාමේ
තනියම​...


හේතුවක්
නැතිවම
වෙනදා 
පරිදිම​
සදාදරණීය සඳ​​
පායන තුරුම....​


පව් දෙයියනේ ! ​
පණ ඇද ඇද
හුස්ම හොයන
ආදරේට​
බලාන ඉන්න​
හේතු
ඕනමද​???
                          

8 comments:

  1. නැතිවූවිට මොහොතක්
    තමන් පෙම් බැඳි කෙනෙක්
    දැනෙයි අපමණ දුකක්
    දළු දා වැඩෙයි වැඩි පෙමක්
    ඉතින් කවුළුවේ මොහොතක්
    ඉවසා සිටින් තව දිනක්
    සුපුන් සඳ එයි යළිවරක්
    නුඹව සනහා දෙයි තුටක්.......

    ජයවේවා!!!

    ReplyDelete
  2. 😊හා...එහෙනම් හා...එහෙම හොඳයි....තැන්කුයි ගොඩාක්

    ReplyDelete
  3. කවුලුවට උනත් හැමදාම පේන්න එනකොට හඳේ අගයක් නැතිවෙනවා. එතකොට කවුලුවත් හඳට වඩා රෑට පිපිලා උදේට පරවෙන සේපාලිකා සුවඳට වහවැටෙනවා.ඒ නිසා හඳවුනත් හිටපු ගමන් නෑවිත් ඉන්න ඕනේ.සමහරවිට සදහටම නෑවිත් හිටියොත් හඳේ එළිය කවුලුවට හැමදාම මතක තියෙයි.

    ReplyDelete
    Replies
    1. 😊 ඔය කිව්වෙ ඉතින්...

      Delete
  4. අගෙයි ලොක්කෝ............

    ReplyDelete
    Replies
    1. තැන්කෝ තැන්කෝ කුරුටූzzz 😇

      Delete
  5. Lassanaiiii jaboss,singlish valin kotannata unata samava hode,thava liyala thiyanno kiyawanna enavo,Jayen jaya!!!

    ReplyDelete
    Replies
    1. සිංග්ලිෂ් නෙවෙයි අණ්ඩර දෙමළ හරි ටයිප් කරන්න ආපු එකම මහා පුදුමයක්....👻

      Delete