Thursday, December 22, 2016

යුරේකා !

සොය සොයා
ඇවිද්දෙමි
කොතනක වේදැයි
ආදරයේ
සැබෑ අරුත​....

හමුවුනා එය​
කොන්දේසි විරහිතව​
ආදරය
පුද දෙන තැන​....

මිහිරි වූ
වදනින්
ආදර ඇරයුම්
කරන තැන​......

හේතුවක්
නොමැතිවම​
ආදරේ නාමයෙන්
පරිත්‍යාගයන්
සිදු වන තැන​....

බලාපොරොත්තු
නැතිව වුවද​
රැකවරණ උණුහුම​
සපයන තැන​.....

මෙකී තැන් වල​
සියුම්ව​ පිරික්සා
බලන කළ​
සැබෑ ආදරයත්
එහි උත්තම අරුතත්
මා හට හමුවිය​..

අව්‍යාජ වූ
නැවුම් හැගුමන්
පිඩු කොට​
සැදුම් ලත් එ තැන ;
සසර ගමනේ පැතූ
නිර්වාණ සැපත​
ලංකළ තැන විය​...
එබැවින්
නිවී සැනහුනෙමි !

                         

12 comments:

  1. කාලෙකට පස්සෙ ලොක්කිට පැල්පත මතක්වෙලා වගේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ...ඔය ඇත්තලා කියවන්න එනකොට ලියනවා නෙවෙයි ලියවෙනවා....😊

      Delete
    2. හිහ් හී.... ඇට්ලස් චූටිද?

      Delete
    3. එව්වා කැලේ අප්පා....😀

      Delete
  2. හුටා.... බොට සැබෑ ආදරය හම්බවුනැ'යි?
    දරුවෝ කී දෙනෙක් එක්කද ආවේ ඒකා?

    දැන් කවි නොලියා ඉන්න කොට නලියනවා නලියනවා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. හැක්....දත් ටික විලිස්සලා හිනා වෙනෝ ඇරෙන්න මොනා කියන්නද හිතා ගන්න බෑ කියහන්කො ඉතින් මට​...😁

      Delete
  3. Replies
    1. පැල්පතට සාදර ගෞරවයෙන් වෙල්කම් කිව්වා ඕං....තැන්කුයි රස්තෝ....😊

      Delete
  4. නිවන් ගියා වගෙයි :D

    ReplyDelete
  5. සැබෑ ආදරය.. නිවන් ගියා වගේ තමා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ කොච්චෝ 😊

      Delete