Tuesday, December 20, 2016

Heart of A Stone

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්....

ප්‍රශ්න වල
රස්නෙ දැනෙන කොට​
සුටුස් ගාලා
දිය වෙලා යන ,
ඕන විදිහකට​
ඕන වෙලාවක​
ලිස්සලා යන
විශ්වාස කරන්න බැරි
වෙඞරු පිඩක්
නෙවෙයි මම​

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...

මගේ හිතට​
කළු ගලක් කියන උඹ​
කළු ගල් ගැන​
දන්නේ මොනවද​?

උඹ​ ගලක්
කියන හිත​
කඳුලූ වැටිලම​
හුගක් රිදිලා
වේදනා නිසාම​
ගල් වෙලා කියලා
දන්නවද ?

මගේ හදවත​
කළු ගලක් කියලා
චෝදනා කරන්න​
කලියෙන්
කළු ගලක් ගැන
ගලේ පැත්තෙන්
මොහොතකට හරි
හිතල තියනවද?

කළු ගලක
සටහන් වෙන ප්‍රේමය
ස්ථීර බව
උඹ​ දන්නවද?

උඹ​ අඞපු වෙලා වලදී
උඹ​ගේ කඳුලින්
හේදී හේදී
මේ කළු ගල​
ඉරි තලපු හැටි
දන්නවද​?

උඹ​ හිනා වුණු
වෙලාවල් වල​
ඒ හිනාවේ
දැවටි දැවටී
මේ කළු ගල​
සුමට වුණු වග​
දන්නවද​?

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...


අඩු තරමින්
පුපුරවලා
අඩිතාලමක් වත්
දා ගන්නට​,
එහෙමවත් උඹ​ට​
අත්වැලක් වෙන්නට
මට පුළුවන් නම්
ඔව් !
උඹ හරි....
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
ඒත් මම​
ආදරණීය කළු ගලක්....

                                                   

6 comments:

  1. ඔව්.
    මම කිව්වා උඹේ හිත කළුගලක් කියළා.
    වැස්සට සංකෝචනයවන
    අව්වට ප්‍රසාරණයවෙන
    දුකට ඉරිතැලෙන
    හරි ආදරණීය කළුගල් හිතක්.
    ඉතින් මේ හිස ඔය කලුගලේ ගහන්නමයි හිත.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. 😉හෙහ් හෙහ් හේ...ඒකත් මරු...තැන්කුයි කිව්වා ඕං

      Delete
  2. ජබොසෝ.... මේක තමයි ඔය ඇත්තිගේ අතින් ලියවුනු හොඳම කවිය.ඇත්තටමයි කියන්නේ. ආපහු කොම්පීතරේ කඩාගනින්. සතියක් විතර සද්ද නැතුව හිටු. ඊට පස්සේ ආපහු එකක් ලියපිය. එතකොටනම් මේක පරද්දන්න පුලුවන්වෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොත් බොහොත් සුක්‍රියා හොඳේ....😊

      Delete
  3. කළුගල් මෝලක් විකිනීමට තිබේ.METAL CRUSHER IN SRI LANKA FOR SALE :D

    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. හැක්..රොම්බ තෑන්ක්ස් ලූ ඉතින්...අනිවාර්‍යෙන් ලියන්නම් 😀

      Delete