Sunday, April 30, 2017

වසන්තය එනවා සත්තයි


අහස ඊයේ ලියා ලියුමක්
පොලෝ තලයට සෙනෙහසින්.....
කියා එව්වා වැස්ස සමගින්
වසත් කල ලඟ එන බවක්.....


ඒත් එක්කම ලියා තිබුනා
මෙහෙම වෙන්කොට  එහි ඉඩක්....
මගේ ආදර මහී කත මෙය​
ලියමි නුඹ වෙත ස්නේහයෙන්...


එකෝමත් එක අඳුරු දවසක​
තරහ වී පෙම  දුර ගියත්.......
මෙතෙක් කල් නුඹ බලාසිටි හැටි
මට දරන්නට බැහැ තවත්.....


පැතූ මුත් මා සෙනේ සිසිලක්
නුඹව නොතකා ඔවුන් ගෙන්.....
ඉර, සඳත් එහි තරු කැටත් නැහැ
හැඳිනුවේ මසිතෙන් බිඳක්....



දුරින් උන්නත් නුඹ තරම් මට​
දැණුනෙ නෑ වෙන කිසි කෙනෙක්....
නුඹ වගේ නෑ හැඳිනගත්තේ
ප්‍රේමියේ උන් මගෙ සිතුම්....


කියා එව්වොත්  වලාකුළකට​
මටම නුඹ හිමි වන බවක්....
අපට පුළුවනි පටන් ගන්නට​
අපෙ කතාවත් මුල ඉඳන්...........


පෙරදි ආලය හැඳින නොමගත්
මහා පාපෙත් කර තියන්...
නුඹට ප්‍රේමෙන් ලියූ මා මේ
සදාදර නුඹෙ නුබ ගැබයි....



12 comments:

  1. හිරුත් සඳුත් තරු පොකුරත් පතාගෙන
    ඔබත් යන්න ගියෙ ඇයි දුක බෙදාගෙන
    වසත් සමයෙ පෙම් මල් හද පුරෝගෙන
    යළිත් එන්න ඉමි මම මග බලාගෙන......
    --මිහිකත--

    ලස්සනයි ලොක්කියේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි උන්නැහේ.....පංකාදු 5යි ඒ වචන සෙට් එක 👌 .....ගොඩාක් තැන්කුයි....😊

      Delete
  2. මරු ..මරු

    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ මේ....වෙල්කම් කිව්වා ඔන්න හොඳේ.....විස්කෝතුයි ගොඩාක්....😇

      Delete
  3. Replies
    1. අනේ තැන්කූ අනේ...😊

      Delete
  4. ලස්සනයි ජබෝස්,,

    ReplyDelete
    Replies
    1. හැංගි මුත්තන් තාම ඉවර නෑනේ...🤔...තැන්කුයි උන්නැහේ

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ආදර සඳක සඳ රැස්ගෙන ලැම තබමි
    සිහිනෙක සඳුන් ගල්වා දෙනයන තියමි
    දෑසක කඳුලු ඔබටම වෙන්කර තබමි
    ඔබවන් කෙනෙක් තව නැති බව මම දනිමි

    -වික්ටර් රත්නායක-

    දුප්...දුප්... විභාගේ ලඟයි. විභාග භීතිකාවට ලියවෙන කවි

    ReplyDelete
    Replies
    1. වික්ටර්ට එහෙම කියන්න පුළුවන් නම් ඇයි අපිට බැරි නෙහ්?😆....හැක්....එහෙමයි එහෙමයි ලොකු උන්නැහේ...🙏

      Delete