අහස ඊයේ ලියා ලියුමක්
පොලෝ තලයට සෙනෙහසින්.....
කියා එව්වා වැස්ස සමගින්
වසත් කල ලඟ එන බවක්.....
ඒත් එක්කම ලියා තිබුනා
මෙහෙම වෙන්කොට එහි ඉඩක්....
මගේ ආදර මහී කත මෙය
ලියමි නුඹ වෙත ස්නේහයෙන්...
එකෝමත් එක අඳුරු දවසක
තරහ වී පෙම දුර ගියත්.......
මෙතෙක් කල් නුඹ බලාසිටි හැටි
මට දරන්නට බැහැ තවත්.....
පැතූ මුත් මා සෙනේ සිසිලක්
නුඹව නොතකා ඔවුන් ගෙන්.....
ඉර, සඳත් එහි තරු කැටත් නැහැ
හැඳිනුවේ මසිතෙන් බිඳක්....
දුරින් උන්නත් නුඹ තරම් මට
දැණුනෙ නෑ වෙන කිසි කෙනෙක්....
නුඹ වගේ නෑ හැඳිනගත්තේ
ප්‍රේමියේ උන් මගෙ සිතුම්....
කියා එව්වොත් වලාකුළකට
මටම නුඹ හිමි වන බවක්....
අපට පුළුවනි පටන් ගන්නට
අපෙ කතාවත් මුල ඉඳන්...........
පෙරදි ආලය හැඳින නොමගත්
මහා පාපෙත් කර තියන්...
නුඹට ප්‍රේමෙන් ලියූ මා මේ
සදාදර නුඹෙ නුබ ගැබයි....
හිරුත් සඳුත් තරු පොකුරත් පතාගෙන
ReplyDeleteඔබත් යන්න ගියෙ ඇයි දුක බෙදාගෙන
වසත් සමයෙ පෙම් මල් හද පුරෝගෙන
යළිත් එන්න ඉමි මම මග බලාගෙන......
--මිහිකත--
ලස්සනයි ලොක්කියේ.
ජයවේවා!!!
ඇත්තමයි උන්නැහේ.....පංකාදු 5යි ඒ වචන සෙට් එක 👌 .....ගොඩාක් තැන්කුයි....😊
Deleteමරු ..මරු
ReplyDeleteජය වේවා ..!!!
කවුද බොලේ මේ....වෙල්කම් කිව්වා ඔන්න හොඳේ.....විස්කෝතුයි ගොඩාක්....😇
Deleteපංකාදුයි බං...
ReplyDeleteඅනේ තැන්කූ අනේ...😊
Deleteලස්සනයි ජබෝස්,,
ReplyDeleteහැංගි මුත්තන් තාම ඉවර නෑනේ...🤔...තැන්කුයි උන්නැහේ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteආදර සඳක සඳ රැස්ගෙන ලැම තබමි
ReplyDeleteසිහිනෙක සඳුන් ගල්වා දෙනයන තියමි
දෑසක කඳුලු ඔබටම වෙන්කර තබමි
ඔබවන් කෙනෙක් තව නැති බව මම දනිමි
-වික්ටර් රත්නායක-
දුප්...දුප්... විභාගේ ලඟයි. විභාග භීතිකාවට ලියවෙන කවි
වික්ටර්ට එහෙම කියන්න පුළුවන් නම් ඇයි අපිට බැරි නෙහ්?😆....හැක්....එහෙමයි එහෙමයි ලොකු උන්නැහේ...🙏
Delete