Friday, February 5, 2016

ටොක්ක​

පාට කරගෙන
තොල් රතු
දසඅත
නයන කැල්මන්
බෙදමින්....                                                

තතන තතනා
පූස් ගමනින්
 නතු කර ගනිමින්
සලෙලු සිත්.....                                                  

පද්ද පද්දා
ලැම
ගස්ස ගස්සා
ඉඟ....                                                                
මා අසලින්
ලතා පාමින්
ඇදුන
මන බඳනා
රුසිරු ලියේ,                                                          

මූණට
මුලිච්චි වූ නිසා
නිකන් තියෙන
හිනාවෙන්
ඩිංගක්
දුන්නමත්
උඬගු මානෙත්
හිස තියාගෙන
ගස්සා ගිය
නුඹ ;
කොමළ ලඳුනක
වුවද උනුනට
කැතම කැත
වැඳිරියක් දැන් මට.......​                                      

12 comments:

  1. කෙල්ලෙක් වෙන උඹට ඔහොම හිතුනට කොල්ලෝ වෙන අපේ ඇස් යන්නෙම ඔහොම ඒවා දිහාවටමයි හිත නොගියට. ඒ නිසා ඉදලා හිටලවත් ඔහොම යන්න පුරුදුවියන්.

    මේල්ලුවක් දැම්මා.බලන්න.

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඇත්තෙයි ? කටුසු උන්නැහේ කිව්ව නිසා ඕං හිතල බලන්නම්කො සුට්ටක්..හැක හැක​...හිනා ගිහින් ඉලත් ඇදෙනවා.....අනිවා බලන්නම් කටුසු මේල් එක​..thank u wewa !!!

      Delete
  2. පුදුමයි ඇත්ත තත්වය බොස්ට තේරුම් ගියාට... තමන්ගේ පාර්ශවයේ අයගේ අඩුපාඩු දකින අය අඩුයි. වැරදි තිබුනත් පෙන්නලා දෙන්නේ නෑ....
    ලස්සනයි බොස්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දේවයන්වහන්ස ! බොහොමත්ම ස්තූතියි කොමෙන්ටුවට..ජය වේ සිංහ රජෝ !!!

      Delete
  3. හෙහ්.... අපි නං පාරෙ යන උන්දැල දිහා බලනවා.. අපේ උන්දැ ළඟ හිටියොත් ඒත් බලනවා... නෝන්ඩි වෙනව වගේ දැනුනොත් උන්දැටත් පෙන්නනවා " අර බලන්නකෝ අරුන්දෑ ඇඳන් ඉන්න විදිහ" කියල..

    ReplyDelete
    Replies
    1. හක හක හක​....අබුද්දස්ස කාලෙ නිසා වෙන්ටැ මයෙ හිතේ..කොමෙන්ටුවට බෝමත්ම ස්තූතියි සජ්ජ සහෝ

      Delete
  4. දුරට ඇප ල්
    ළගට පැපොල්.

    ReplyDelete
    Replies
    1. හික්ස්....පැපොල්ද කියලත් අහනවා...කියල වැඩක් නෑ bro

      Delete
  5. ඔ්වා ඔහොම තමා බං...........

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...ඔව්ව ඔහොම තමයි...හරියටම කිව්වා...

      Delete