Monday, February 8, 2016

කවි පැටික්කියො

සුන්දර 
සවස් යාමයක
දත කට දෙක 
මැදගෙන ;
සැදී පැහැදී පේවී 
ඔප මට්ටම් කළ 
මේසයක 
අලුත්ම 
පෑන් පොඩ්ඩකින් 
වටිනා කඩදාසියකට 
බලෙන්ම වගේ 
ඔබ්බවන 
මහා කවි 
සොඳුරු නැත 


කලබල මැද්දේ 
සෙනග පිරි 
බස් කට්ටේ 
තෙරපි තෙරපී 
ඉන්න අස්සේ 


එක සැරේ 
සැරේට 
මොළ ගෙඩියට වැදි 
සිතුවිලි කළඹන 
හෙණ ගෙඩියක් නිසා 
හමගිය 
බස් ටිකටය 
තුරුල්ලට 
හොරෙන්ම 
දගකාර කමට 
ගොඩවෙන 
ඒ සොඳුරු 
කවි පැටික්කියො තරම්........                               

16 comments:

  1. ලස්සනයි බොස්. පටන් ගත්තේ ගෙදරින් ඉවර වුනේ බස් එකෙන්.
    බස් එකක යනවා කියන්නේ සුන්දර අත්දැකීමක්.ජය වේ...........

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සිංහ සහෝ...කොමෙන්ටුවට ගොඩාක් තැන්කූ...

      Delete
  2. ඔප් නැඟු විසල් මේසයක් මත
    තබා සුදු සුමුදු කරදාසියක්
    ඒ මත පාකර් පෑන් තුඩකින්
    ලියන්නට මට නැත කවියක්

    වැඩ ඇරී එන කලට ඔබ සමග
    සෙනගින් පිරීගිය දුම් රියක
    අවුලාගන හිස් සිගරට් පැකට්ටුවක්
    ඒ මත පැන්සල් කෙටියකින්
    කුරුටු ගාන්නට ඇත මට කවියක්

    එසේ වුව සොයුරනි
    ඔබගැන මා ලියන ඒ කවිය
    ඔබගෙන් බොහෝ දෙනෙකුට
    අද දින නොවැටහෙන බව දනිමි

    ලෝකය මීට වඩා යහපත්වන
    අනාගතේ යම් දවසක
    ඔබ එය මීටවඩා ආදරයෙන්
    කියවන බව දනිමි

    -සේකර-

    හිතලා මතලා කරන කියන දේවල්වලට වඩා අහම්බෙන්, නොහිතාම කරන දේවල් ලස්සනයි ගොඩක්.....
    ජයවේවා....

    කවියට ආදරේ නිසාම මගෙන් තෑග්ගක්...

    https://www.facebook.com/mahagamasekara/?fref=ts

    ReplyDelete
    Replies
    1. අනේ කටුසු............බොහෝමත්ම ස්තුතියි.....අනේ බුල්ටෝ පරාදයි අනේ.....ගොඩාක් වටිනව ඒ තෑග්ග​....තැන්කෝ ගොඩාාාාක් ඔයාට​ !

      Delete
  3. කමෝන් බොස් කමෝන්.............

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තැන්කෝ අනේ මෙහෙම ඇවිත් කොමෙන්ට් පොඩ්ඩක් දාල යනවට​...ඇත්තටම ලොකු හයියක් කුරුටු...ජයෙන් ජය​!

      Delete
  4. බොස් මමත් ආව බලල යන්ට.

    ReplyDelete
    Replies
    1. අනේ කොච්චර දෙයක්ද කුක්කු කූක්..බෝම සතුටුයි කුකූ මේ පැත්තෙ ආවට .......ජය වේවා !

      Delete
  5. ඇත්තටම ලස්සන නිර්මාණයක්,මාත් ගොඩක් දේවල් කුරුටු ගාන්නේ බස් වලදි තමා එක නිසා අත්දැකිම මටත් පොදුයි,

    ReplyDelete
    Replies
    1. ආ ඒකනේ ඒකනේ....කොමෙන්ටුවට බෝම ස්තූතීයි රස්ති සහෝ..ජය වේවා!

      Delete
  6. බස් ටිකට් කිවම මතක් උනේ ඉස්සර අපේ චිත්‍ර සර් කීව බස් ටිකට් එකෙන් චිත්‍රයක් උනත් අඳින්න පුළුවන් කියල ..හි හී සර් අන්දලත් පෙන්නුව... බස් ටිකට් වල කවි ලිව නම් මතක නැහැ බස් එකේ යද්දී වෙන කරන්නම දෙයක් නැතිඋනාම ටිකට් එක හතරට පහට නවල ඉරල ඔරිගාමි මල් හදපු කාලයකුත් තිබ්බ :D අහ්හ් ..ඉස්සර ක්ලාස් ගියකාලේ ප්‍රශ්න අහන්න ඕන උනාම පොඩි චිට්‌ යවන්නෙත් ඕවන්නේ හී ..කවිය ලස්සනයි බොස් :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ...බස් ටිකට් පොජ්ජකින් අපි දාන සෙල්ලම් අනේ...හැක් හැක්....කොමෙන්ටුවට ගොඩාක් තැන්කෝ

      Delete
  7. සිරා වදන ඒකත් ආ....
    එල එල සුභ පතනවා එකෙන්ම BOSS ට.

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි ඈ.....කොමෙන්ටුවට ගොඩාක් විස්කෝතුයි

      Delete