Friday, January 5, 2018
හීනයක් !
හිතුවෙවත් නැති
මොහොතක
නුඹ ආවේ
ආදරය මළු ගණන්
පුරෝගෙන......
ඉන්පස්සෙ එකදිගට
කලබල හාදු ගොන්නක්
ආදරේ උතුරන......
ඊටත් පස්සෙ
තවත් හාදු ගොන්නක්
මගෙන්
මගේම නුඹට......
හාදු සටනේ කෙළවර
මම පැරදුණේ
හරි ආදරෙන් ඔබට...
ගුලිවෙවී අපි කතාවුණේ
අපේ හීන කන්දරාව ගැන....
එකට මවන අපෙ ජීවිතේ ගැන.....
.
.
.
.
.
.
.
.
"ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං"
වදින කොටයි එලාමය
ඇහැරුණෙ
හීනයක් බව දැන....
කිරිල්ලී ,
.
.
.
ඒක හීනයක් !
හැමදාටම හීනයක් !
විඳින විඳවන හීනයක් !
Saturday, December 30, 2017
හැංගි මුත්තු
මැණිකෙ ,
මේ බැඳීමකට එහා ගිය හැඟීම
ආදරේ දැයි නොවිමසාම
හැමදාම මග බලන ඇස්
මගේ....
සමීපව දැනෙනකොට
හංගාන එය හිත යට
සිනාසෙන ඇස්
නුඹේ....
ආදරේ යැයි කියන්නට
නිතර නිතර සිත්වෙන
අමනාප වෙත් දැයි බියෙන්
නොකියා නතර වෙන හිත
මගේ....
ඒ සෑම මොහොතකම
මගේ හිත කියවන
තත්පරෙන් තත්පරේ
මගෙ හිතට ලංවෙන හිත
නුඹේ....
මිතුරුදම පහු කරන්
නුඹ මගේ යැයි නොකියා කියන
නුඹෙත් මගෙත් ලොව තුළ
අපි හැමදාම අපේ.......
Sunday, October 29, 2017
හුස්ම සරි වූ ප්‍රේමයක්
තවත් අවුරුදු ගණනකින්
සැඳෑ සමයත් ලංවේවී
දිවි ගමන කෙළවරේ
මතක පොත් පිටු පෙරලේවී.......
හුදකලා නිවහනක
පෙරදාක මතකයන්
මගේ මේ පන්හිඳෙන්
නුඹට කවි ගීත වී
හැමදාම ලියවේවී.....
මුණුබුරන් වට කරන්
කියද්දී කතන්දර
බලාගෙන මයෙ මැණිකෙ
වැරදිලා හරි අපෙ කතාවත්
ඔය කටින් කියවේවී......
නන කැඩුණු කුඩේ ගෙන
යද්දි හවසක පාරේ
බිම්මල් පිපෙන බංකුව උඩ
කවුරුවත් දන්නැති පාරේ
අහම්බෙන් හරි හම්බෙන්න
බලා ඉන්නම් දේවී.....
එලවලා අඳුරු ගොම්මන
කැඳවලා පහන් රැය සුන්දර
හංගලා හීන කප්පර
මතක තුරුලේ දරාගෙන
දෛවයක විස කටු උඩින් අපි
යන්ට යමු ලෝකෙන් බේරී......
Monday, June 26, 2017
To ද කිංග්ස් ඔෆ් Shit 🖕
සම(හරක්) පිරිමින්
වසති මේ ලොව
ඔලු ගෙඩි උදුමවාගත්
තමා පොර යයි සිතාගත්.....
වට කොරාගෙන
ඉන්න පලියට
රොතු පිටින් ගෑණු
ලිගු වට ;
හිතාගෙන ඇති
උන් මහා රජවරුන්
විලසට....
ආත්මය වෙත බැඳී
ඒ ආදරය සුරකින ,
පේවී දිවි හිමියෙන්
ඒ නමින් දිවි පුදදෙන ,
කප්පරක් උතුම් බං
යස ඉසුරු නැති
සෙබළ තැන ;
මේ හැතිකරේ වගෙ නොව
ඒ වගේ විරුවන්
වටේටම පුප නොම දෙන......
රජුන් කියලා
හිතන ඔටුවනි...
උඹලා කොර පඹයන්....
ඕන පුප් කෑල්ලකට
වහ වැටෙන උඹලා
කොඳු වකුටු වූ නිවටුන්.....
අන්තඃපුර පැටව් ගහන
හැම එකටම ටෝක් කරන
උන් එක්කලා පැණි බේරන
ආත්මයක් නැති උඹලා
ගොන් කේප්ප වස්සන්......
ගෑණු රෙද්දක්
දකින හැටියේ
ඇමිනිලා එහි
ඇලි ඇලී යන
තුහ් නොදකින්
නුඹලා වන්
වසුරු ගඳ
පැණියන්.....
හදවතක් නැති
අධමයනි !
උඹලා නටනා
නාඩගම් ,
අල්ලනා කස්තිරම් දැක්කම
ඊයා බං
ලැජ්ජයි....😆
ගොබ්බ සක්විතිල ට වැදියන්.....ඩාං......
Sunday, May 28, 2017
සිත නිවෙන තැන
බෝ පැළයක්...
මගේම කියලා තියේ මට ;
දවසින් දවස ආදරෙන්
නිලට නිලේ දළුදාන
අලි සයිස් ගහක්....
ගිම්හානෙක වුණත්
කොළ හැලිල හැඩි නොවෙන
බිඳුණු හිත සනසන
සැනසීම විතරක්ම මට දෙන
ආදරණීය ගහක්....
මං වෙනුවෙන් මල් පූදන
ඒ සුවඳින් හිත පුරවන
ආත්මයට සිහිල ඉහින
පිස්සු කෝළම් ගහක්....
මගේ හිත දන්න
දුකට ලග ඉන්න
මගේ දිවියට හුස්ම පිඹින
මගේම කියලා ගහක්.....
පෙරදාත් පැතුව
මෙදිනත් පතමින්
හැමදාමත් පතන
කාටවත්ම
සම කරන්න බැරි
ජීවිතේ ගැඹුරටම
සෙනෙහසේ
අක්මුල් විහිදුවන
මහ පුදුම ගහක්......
මගේ සිහින පරිස්සමට
අතු අස්සේ රැකගන්න
මගේම මගේම මගේම වුණු
රූස්ස ගහක්....
හැමදාම දැවටෙන්න හිතෙන
සෙවණින් මාව රකින
මේ විශ්වයේ තියෙන
පුදුම හිතෙන දේ......
ලියල නවතන්න
හිතෙන්නෙම නැති
කොච්චර ලිව්වත්
කියන්නත් බැරි
මටම හිතා ගන්න බැරි
ජීවිතේ හොඳම දේ....
මගේ මැජික් ගහ🌳
ලෝකෙටම එකයි
ඒක මං ගාව...........
Sunday, April 30, 2017
වසන්තය එනවා සත්තයි
අහස ඊයේ ලියා ලියුමක්
පොලෝ තලයට සෙනෙහසින්.....
කියා එව්වා වැස්ස සමගින්
වසත් කල ලඟ එන බවක්.....
ඒත් එක්කම ලියා තිබුනා
මෙහෙම වෙන්කොට එහි ඉඩක්....
මගේ ආදර මහී කත මෙය
ලියමි නුඹ වෙත ස්නේහයෙන්...
එකෝමත් එක අඳුරු දවසක
තරහ වී පෙම දුර ගියත්.......
මෙතෙක් කල් නුඹ බලාසිටි හැටි
මට දරන්නට බැහැ තවත්.....
පැතූ මුත් මා සෙනේ සිසිලක්
නුඹව නොතකා ඔවුන් ගෙන්.....
ඉර, සඳත් එහි තරු කැටත් නැහැ
හැඳිනුවේ මසිතෙන් බිඳක්....
දුරින් උන්නත් නුඹ තරම් මට
දැණුනෙ නෑ වෙන කිසි කෙනෙක්....
නුඹ වගේ නෑ හැඳිනගත්තේ
ප්‍රේමියේ උන් මගෙ සිතුම්....
කියා එව්වොත් වලාකුළකට
මටම නුඹ හිමි වන බවක්....
අපට පුළුවනි පටන් ගන්නට
අපෙ කතාවත් මුල ඉඳන්...........
පෙරදි ආලය හැඳින නොමගත්
මහා පාපෙත් කර තියන්...
නුඹට ප්‍රේමෙන් ලියූ මා මේ
සදාදර නුඹෙ නුබ ගැබයි....
Friday, March 31, 2017
සේකර මං ඔබට ආදරෙයි....💖
හැගුම් වැසි හැමදාම
ටොන් ගණන්
සිත් මලට වැටුණත් ;
ඒ වැහි කැට
අකුරු කරන්නට
මා දත කන
අන්දම්......
වෙන් කොට බෙදා
හඳුනා ගත නොහී
තටමනා විට ;
හැගුම් වචනෙට
පෙරලන්න වලි කන
ටොන් ගණන්
සිත් මලට වැටුණත් ;
ඒ වැහි කැට
අකුරු කරන්නට
මා දත කන
අන්දම්......
වෙන් කොට බෙදා
හඳුනා ගත නොහී
තටමනා විට ;
මටත් වඩා අගනෙට
මගේ හිත් මලට බට
හැගුම් වරුසා පොදි
සේකරයන් මොනවට
හඳුනා ගෙන ඇති
අන්දම්.........
දිනක්
සේකරයන්
මටම කියා
ලියා තැබූවාද
මෙපරිද්දෙන්
මේ ලෙසට....
හැගුම් වරුසා පොදි
සේකරයන් මොනවට
හඳුනා ගෙන ඇති
අන්දම්.........
දිනක්
සේකරයන්
මටම කියා
ලියා තැබූවාද
මෙපරිද්දෙන්
මේ ලෙසට....
ඔහුත් පෙලුණාද
ඔහුටත් දැණුනාද
පෙර දිනක
මෙපරිද්දෙන්
මෙලෙසටම....
හැගුම් වචනෙට
පෙරලන්න වලි කන
මගේ මන ඔහු
හැඳින ගත්තද
හැඳින ගත්තද
පෙරදාම.....
"දහස් මුවෙකින්
නැගෙන ඔල්වර
සිනාහඬ දසතින් ඇසේ....
දහස් ගණනක්
සෙනග අතරේ
මහා
තනියක්
මට දැනේ......"
ඔව් සේකර ,
ඒක තමයි.....
"දහස් මුවෙකින්
නැගෙන ඔල්වර
සිනාහඬ දසතින් ඇසේ....
දහස් ගණනක්
සෙනග අතරේ
මහා
තනියක්
මට දැනේ......"
ඔව් සේකර ,
ඒක තමයි.....
අපි පැනලා යමු !
Monday, February 13, 2017
මර බිය
මියෙන්නට නම්
බය නෑ මම....
කිව්වට එහෙම
බයක් නැත්තෙත්
නෑ මට.....
එහෙව් මා තුළ
මේ සෑම බියක්ම
පරදවා නැගෙනා
මිනීමරු බියක් ඇත....
ඇත්ත තිත්ත වූවත්
මෙතරම් තිත්ත යැයි
සිතුනේ නැත
දැනුනේ නැත......
නරිච්චියෙක් වුණා නම්
කියන්නට තිබුනා
හීනියට නොදැනෙන්න
ඇත්ත තිත්ත නොව
ඇඹුල් රස බව......
ඒත් තිත්තටම
දැනෙන මේ
අමිහිරි ඇත්ත
මග හැරලන්නට
මගක් නැත මට
පූරුවේ කළ පවකට......
නරිච්චියෙක් වුණා නම්
කියන්නට තිබුනා
හීනියට නොදැනෙන්න
ඇත්ත තිත්ත නොව
ඇඹුල් රස බව......
ඒත් තිත්තටම
දැනෙන මේ
අමිහිරි ඇත්ත
මග හැරලන්නට
මගක් නැත මට
පූරුවේ කළ පවකට......
තිත්ත වනවා වෙනුවට
ඇත්තට තිබුණා
ටිකක් විතර
ඇඹුල් වෙන්න....
එතරම්
අමිහිරි නොවෙන්න.....
එහෙත්
තිත්තම තිත්ත ඇත්තක්
මා ඉදිරියේ
දිග හැරෙන දින
පේන දුරින් හිඳ
මට විරිත්තන හැටි......
ආවොතින් ඉදිරියට
හැප්පුණොත් කෙලින්ම
අම්මා පල්ලා
කඩනවා මං
ඇත්ත තොගෙ අඬු....
උගුල්ලනවා මං
තොගෙ ඇස්....
එව්වා එහෙම වෙද්දී
ඒ මරණීය ඇත්ත
එලි බහින්නට
දින ගනිද්දී
ඔන්න මරුවට
තේරුනා යසටම
බෝවෙලා බව
මාරාන්තික බිය මට!
මගෙනුත් නාහා
මගේ හිත
තුරුල් කරගෙන
ඒ මිනීමරු බිය....
හුරතලෙන් හාදු දෙයි
ඒ අමිහිරි ඇත්තට
කොනිත්තා මගෙ මන.....
මැරෙනවා !
අපි හැමෝම....
හත්තිලව්වේ
ඒක කරුමෙට
දන්නවා මම....
ඒත්
කෙදින හෝ
නුඹේ දකුණතේ
වෙඳැගිල්ලේ
වෙලෙන්නට නියමිත
ඒ රන් මුදුවෙන් ;
පරාවර්ථනය වී
එන රශ්මි කදම්බය
පුළුස්සා දවා
අළු කර දැම්මොතින්
මගේ හිත ???
සමාවනු මැන !
දස දහස් වතාවක්
සමාවනු මැන....
ඒ බිය ඇතිව
මියදෙන්නටයි
මේ තරම්
බය මම......
ඒත් ඒ මුදුව
නුඹේ වග දැනෙන විට...
ඉන් නිකුත් වූ කිරණ
නුඹේ දිවියට
එළි ගෙනෙන වග
හැගෙන විට...
මෙලොව මිහිපිට
අපරිමිත සතුටෙන්
මියැදෙන
මිහිදන් වන
වාසනා ඇත්තී
කවුරුවත් නොව
මේ නුඹේ මමම ය...
Tuesday, January 3, 2017
තොණ්ඩුව
දවසක
ගඟක්
හඬාගෙන ඇවිදින්
කිය කියා දුක
වැළපෙන කොට;
ඒ කඳුළු
පිසදුවාලූ
නිල් පාට සයුර
වචනෙකින් වත්
දොසක් නොකියාම
වැළඳගෙන
ඔහුව තුරුළට.....
සැනසුවාලූ
ඔහු සිත
රිදෙන්නට
නොතබමින්
කිසිවිට ඉඩකඩ.......
සයුරු රළ දුක
බුර බුරා
නැගුනු දින වල
තනිව ඉවසා
සගවා කඳුළු
වතුරේම
දිය කොට
හැරියා වූද
මහ සයුර.....
ඉවසා ගත නොහී
දරා ගත
නොහැකි වූ සඳ
ඒ වේදනා සාගරේසෝ දුක්
දෝර ගැලූ කළ....
වඩදිය ඔස්සේ
ජල කඳක් ව
ගොඩ ගැලූ කළ....
ඇගේ කඳුළු දිය
භාර ගන්නට
ගඟේ හදවත
තෙත් වුණේ නැත..
එදින සිට
හෝ ගාන
ඉකි බිඳුම
ඇහුණා
වරු ගණන්
හවසට...
ඒ නිසා
වෙන්න ඇති
මහ සාගරේ
සයුරු දිය
මේ තරමටම
ලුණු රස....
Sunday, December 25, 2016
උත්තේජනය
සේපාලිකා කුමුදු
මල් පිපුණේ
සඳ එළියේ
සිසිලට මිස
කණාමැදිරි එළිවල
පහසට නොවේ..
නෙළුම් මහනෙල්
මල් පිපුණේ
හිරු එළියේ
උණුසුමට මිස
පහන් එළිවල
රස්නෙට නොවේ...
ප්‍රේමණීය හැගුම්
මල්ඵල දැරුවේ
අවංක සිත්වල
තෙතමනයට මිස
රුදුරු සිත්වල
පීඩනයට නොවේ....
Thursday, December 22, 2016
යුරේකා !
සොය සොයා
ඇවිද්දෙමි
ඇවිද්දෙමි
කොතනක වේදැයි
ආදරයේ
සැබෑ අරුත....
හමුවුනා එය
කොන්දේසි විරහිතව
ආදරය
පුද දෙන තැන....
මිහිරි වූ
වදනින්
ආදර ඇරයුම්
කරන තැන......
හේතුවක්
නොමැතිවම
ආදරේ නාමයෙන්
පරිත්‍යාගයන්
සිදු වන තැන....
බලාපොරොත්තු
නැතිව වුවද
රැකවරණ උණුහුම
සපයන තැන.....
මෙකී තැන් වල
සියුම්ව පිරික්සා
බලන කළ
සැබෑ ආදරයත්
එහි උත්තම අරුතත්
මා හට හමුවිය..
අව්‍යාජ වූ
නැවුම් හැගුමන්
පිඩු කොට
සැදුම් ලත් එ තැන ;
සසර ගමනේ පැතූ
නිර්වාණ සැපත
ලංකළ තැන විය...
එබැවින්
නිවී සැනහුනෙමි !
ආදරයේ
සැබෑ අරුත....
හමුවුනා එය
කොන්දේසි විරහිතව
ආදරය
පුද දෙන තැන....
මිහිරි වූ
වදනින්
ආදර ඇරයුම්
කරන තැන......
හේතුවක්
නොමැතිවම
ආදරේ නාමයෙන්
පරිත්‍යාගයන්
සිදු වන තැන....
බලාපොරොත්තු
නැතිව වුවද
රැකවරණ උණුහුම
සපයන තැන.....
මෙකී තැන් වල
සියුම්ව පිරික්සා
බලන කළ
සැබෑ ආදරයත්
එහි උත්තම අරුතත්
මා හට හමුවිය..
අව්‍යාජ වූ
නැවුම් හැගුමන්
පිඩු කොට
සැදුම් ලත් එ තැන ;
සසර ගමනේ පැතූ
නිර්වාණ සැපත
ලංකළ තැන විය...
එබැවින්
නිවී සැනහුනෙමි !
Tuesday, December 20, 2016
Heart of A Stone
ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්....
ප්‍රශ්න වල
රස්නෙ දැනෙන කොට
සුටුස් ගාලා
දිය වෙලා යන ,
ඕන විදිහකට
ඕන වෙලාවක
ලිස්සලා යන
විශ්වාස කරන්න බැරි
වෙඞරු පිඩක්
නෙවෙයි මම
ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
මගේ හිතට
කළු ගලක් කියන උඹ
කළු ගල් ගැන
දන්නේ මොනවද?
උඹ ගලක්
කියන හිත
කඳුලූ වැටිලම
හුගක් රිදිලා
වේදනා නිසාම
ගල් වෙලා කියලා
දන්නවද ?
මගේ හදවත
කළු ගලක් කියලා
චෝදනා කරන්න
කලියෙන්
කළු ගලක් ගැන
ගලේ පැත්තෙන්
මොහොතකට හරි
හිතල තියනවද?
කළු ගලක
සටහන් වෙන ප්‍රේමය
ස්ථීර බව
උඹ දන්නවද?
උඹ අඞපු වෙලා වලදී
උඹගේ කඳුලින්
හේදී හේදී
මේ කළු ගල
ඉරි තලපු හැටි
දන්නවද?
උඹ හිනා වුණු
වෙලාවල් වල
ඒ හිනාවේ
දැවටි දැවටී
මේ කළු ගල
සුමට වුණු වග
දන්නවද?
ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
අඩු තරමින්
පුපුරවලා
අඩිතාලමක් වත්
දා ගන්නට,
එහෙමවත් උඹට
අත්වැලක් වෙන්නට
මට පුළුවන් නම්
ඔව් !
උඹ හරි....
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
ඒත් මම
ආදරණීය කළු ගලක්....
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්....
ප්‍රශ්න වල
රස්නෙ දැනෙන කොට
සුටුස් ගාලා
දිය වෙලා යන ,
ඕන විදිහකට
ඕන වෙලාවක
ලිස්සලා යන
විශ්වාස කරන්න බැරි
වෙඞරු පිඩක්
නෙවෙයි මම
ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
මගේ හිතට
කළු ගලක් කියන උඹ
කළු ගල් ගැන
දන්නේ මොනවද?
උඹ ගලක්
කියන හිත
කඳුලූ වැටිලම
හුගක් රිදිලා
වේදනා නිසාම
ගල් වෙලා කියලා
දන්නවද ?
මගේ හදවත
කළු ගලක් කියලා
චෝදනා කරන්න
කලියෙන්
කළු ගලක් ගැන
ගලේ පැත්තෙන්
මොහොතකට හරි
හිතල තියනවද?
කළු ගලක
සටහන් වෙන ප්‍රේමය
ස්ථීර බව
උඹ දන්නවද?
උඹ අඞපු වෙලා වලදී
උඹගේ කඳුලින්
හේදී හේදී
මේ කළු ගල
ඉරි තලපු හැටි
දන්නවද?
උඹ හිනා වුණු
වෙලාවල් වල
ඒ හිනාවේ
දැවටි දැවටී
මේ කළු ගල
සුමට වුණු වග
දන්නවද?
ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
අඩු තරමින්
පුපුරවලා
අඩිතාලමක් වත්
දා ගන්නට,
එහෙමවත් උඹට
අත්වැලක් වෙන්නට
මට පුළුවන් නම්
ඔව් !
උඹ හරි....
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
ඒත් මම
ආදරණීය කළු ගලක්....
Saturday, December 3, 2016
පව් දෙයියනේ !
කවුළුව
බලා හිඳී
විවරව...
පායන තුරු
සුපුන් සඳ
නුබ ගැබ.....
එහෙත්
වෙනදාට
පායන සඳට
අද දින
කරුමෙට වගේ
හදිසි නිවාඩුව....
දින අද
අමාවක
කියා යන්නට
හඳට ඊයේ
අමතක
වී ඇත....
ඒ නිසා
කවුළුව
අදත්
මග බලාන
ඉන්න හැටි...
රෑ ජාමේ
තනියම...
හේතුවක්
නැතිවම
වෙනදා
බලා හිඳී
විවරව...
පායන තුරු
සුපුන් සඳ
නුබ ගැබ.....
එහෙත්
වෙනදාට
පායන සඳට
අද දින
කරුමෙට වගේ
හදිසි නිවාඩුව....
දින අද
අමාවක
කියා යන්නට
හඳට ඊයේ
අමතක
වී ඇත....
ඒ නිසා
කවුළුව
අදත්
මග බලාන
ඉන්න හැටි...
රෑ ජාමේ
තනියම...
හේතුවක්
නැතිවම
වෙනදා
පරිදිම
සදාදරණීය සඳ
පායන තුරුම....
පව් දෙයියනේ !
පණ ඇද ඇද
හුස්ම හොයන
ආදරේට
බලාන ඉන්න
හේතු
ඕනමද???
සදාදරණීය සඳ
පායන තුරුම....
පව් දෙයියනේ !
පණ ඇද ඇද
හුස්ම හොයන
ආදරේට
බලාන ඉන්න
හේතු
ඕනමද???
Friday, November 11, 2016
🌊 පාපොච්චාරණය 🌊
මාව බලන්න
හුග දවසකින්
ඔයා ආවෙ නැති නිසා
මගෙ හිත රිදුණා
සෑහෙන්න රිදුණා
මහා ගොඩක් රිදුණා...
කේන්තියයි දුකයි
හිත අස්සෙ හිර කරන්
ඉවසලා ඉවසලා
බලන් ඉන්න බැරිම තැන
මං ඔයාව හොයාගෙන
ගෙදරටම ආවා....
තිබ්බ කේන්තිය
තුරන් වෙනකන්ම
ඔයාගේ ගේ පොඩ්ඩෙ
බඩු මුට්ටු සේරම
පොඩි කළා කියලා
යාන්තමින් වගේ
මතකයි මට....
එදා එච්චර
කේන්ති ගියෙ මට
හිත පුරාම
ඇඳිලා තිබ්බ
ඔය රූපේ
හුග දවසකින්
නොදුටු නිසයි
සත්තයි......
ඒත් අන්තිමට
කේන්ති ගත්තා
වැඩියි කියලා
තේරුම් යනකොට
මං හොඳටෝම
පරක්කු වෙලා..
ඔයාව මගෙ
කේන්තියටම
ගහගෙන ගිහින්....
මං ඔයාගෙම
සුනාමි
හුග දවසකින්
ඔයා ආවෙ නැති නිසා
මගෙ හිත රිදුණා
සෑහෙන්න රිදුණා
මහා ගොඩක් රිදුණා...
කේන්තියයි දුකයි
හිත අස්සෙ හිර කරන්
ඉවසලා ඉවසලා
බලන් ඉන්න බැරිම තැන
මං ඔයාව හොයාගෙන
ගෙදරටම ආවා....
තිබ්බ කේන්තිය
තුරන් වෙනකන්ම
ඔයාගේ ගේ පොඩ්ඩෙ
බඩු මුට්ටු සේරම
පොඩි කළා කියලා
යාන්තමින් වගේ
මතකයි මට....
එදා එච්චර
කේන්ති ගියෙ මට
හිත පුරාම
ඇඳිලා තිබ්බ
ඔය රූපේ
හුග දවසකින්
නොදුටු නිසයි
සත්තයි......
ඒත් අන්තිමට
කේන්ති ගත්තා
වැඩියි කියලා
තේරුම් යනකොට
මං හොඳටෝම
පරක්කු වෙලා..
ඔයාව මගෙ
කේන්තියටම
ගහගෙන ගිහින්....
මං ඔයාගෙම
සුනාමි
Monday, October 31, 2016
නෂ්ටාවශේෂ
ජීවිතේ පුරා
මිනිස්සු ඇහිඳපු
මතක පොත් වල
හැම පිටුවම ;
ඉස්පිලි
පාපිලි
කොමාවන් ගෙන්
අපූරුවට
හැඩ වෙලා...
ඒත්
ඉවසීමෙන්
මිනිස්සු ඇහිඳපු
මතක පොත් වල
හැම පිටුවම ;
ඉස්පිලි
පාපිලි
කොමාවන් ගෙන්
අපූරුවට
හැඩ වෙලා...
ඒත්
ඉවසීමෙන්
සංයමයෙන්
බලද්දී පෙරලලා
බලද්දී පෙරලලා
Wednesday, October 26, 2016
වැව The බුවා
පෙර දිනේ
වැව් දියේ
නෙළුම් පොට්ටු
පිපෙනකන් රැක ඉඳන්..
පිපුණු නෙළුම් මල්
උදුරගෙන ගිය හැටි
Pool වල
දිය ජබුං ගසන උන්.
ගිය උන්ම ;
අද ඇවිත්
විරිත්තා වැව
දෙස බලන්...
සිනාසී ඔලොක්කුවට
බලියාන උන්ගෙ කට
දමයි කෝචොක්
"මේක නම් මහ මඩ වලක්"
දිය ජබුං ගසමින්
Pool වල නෑවාට,
වැවේ පිපි ඒ නෙළුම්
උදුරාන ඩැහැගෙන ගියාට,
නෙළුම පිපුණෙ හැමදාම
මඩ ජලය මත මිසක
Pool වල නොවන වග
උන් නොදනි එක් බිඳුවක්
ඒ නිසයි මෙතරම් බිරුමක්....
වැව දනී එය මැනවින්
එනිසයි නිහඬ තවමත්......
Sunday, October 23, 2016
අකලට පිපි මල
හිත කැකෑරෙන ස්නේහයත් ,
ගත රිදුම් දෙන රුහිරයත් ,
උහුලාගෙන මහා ගොන්නක්....
දෛවයේ සරදමට
නැහැවෙමින් කඳුලින්
පණ ඇදපු
නැවුම් අරුමැති
අරලිය අත්තක් ;
ප්‍රසූත කළා
කාටත් රහසින්
මියෙන්නට මත්තෙන්
ඉවසිලිවන්ත පැතුමින්
අසම්මතයේ
සොඳුරු හුරු බුහුටි
මල් කිනිත්තක්.......
Thursday, October 20, 2016
මකනයක කව
ඔබ ලියූ ඒ
සන්තාපයේ අකුරු පෙළ
මකා දැමුවා මං
දිරිදෙමින් ඔබ හට
ලියන්නට අලුතින්
ඔබගේම තෙලිතුඩෙන්
ස්නේහයේ පද වැල ...
ලියා අවසන කළුව
ක්‍ෂය ව ගෙවී
පැත්තකට විසිව යන
මකන කැබැල්ලක් වුව මා
කැපවුනේ වැයවුනේ
ඔබ නමින් වන නිසා
නැත කිසි දිනක දුක මට....
සන්තාපයේ අකුරු පෙළ
මකා දැමුවා මං
දිරිදෙමින් ඔබ හට
ලියන්නට අලුතින්
ඔබගේම තෙලිතුඩෙන්
ස්නේහයේ පද වැල ...
ලියා අවසන කළුව
ක්‍ෂය ව ගෙවී
පැත්තකට විසිව යන
මකන කැබැල්ලක් වුව මා
කැපවුනේ වැයවුනේ
ඔබ නමින් වන නිසා
නැත කිසි දිනක දුක මට....
Thursday, September 29, 2016
දේවකාරිය
කීරි ගැහෙන හීතලේ
ඔයාවත් තුරුල් කරන්
උණුහුම් වෙන්න
මං ආසයි...
මේ හිරිකඩ වැස්සෙ
ගුලි වෙලා කිටිකිටියට
හීන දකින්නත්
මං ආසයි...
ඒ ආසාවල්
මලවන් කන්නද?
ඔයාවත් තුරුල් කරන්
උණුහුම් වෙන්න
මං ආසයි...
මේ හිරිකඩ වැස්සෙ
ගුලි වෙලා කිටිකිටියට
හීන දකින්නත්
මං ආසයි...
ඒ ආසාවල්
මලවන් කන්නද?
Thursday, September 22, 2016
රැවටීම
Subscribe to:
Posts (Atom)



















